ජනපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල්

ලබන වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණය පවත්වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

එම ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නගන බව ද රවී කරුණානායක මහතා කීය.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද  කරුණානායක මහතා  පැවසීය.

කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ පැවතිඋතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් කරුණානායක මහතා මේ බව කීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *