රනිල්ගේ රහසිගත ඉල්ලීමකට අගමැතිගෙන් උදවු – සජිත්ගේ ලේකම්ට කළ දේ

විපක්ෂ නායක ධුරයෙන් ඉවත්ව යාමට ප්‍රථම වික්‍රමසිංහ මහතා කර ඇති ඉල්ලීමකට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ‌ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නවුෆර් රහුමාන් මහතාගේ ‌සේවය ස්ථිර කිරීමට කටයුතු කර තිබෙනවා.

එම ඉල්ලීම වී ඇත්තේ තම පාර්ලිමේන්තු ‌ලේකම්වරයාට එම ධූරයේ දිගටම කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා ‌දිය යුතු බවයි.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ‌ලේකම්වරයා ‌ලෙස කටයුතු කළ නව්‍ෆර් රහුමාන් මහතා සමගම සජිත් ‌‌ප්‍රේමදාස මහතාට ඉදිරියේදී කටයුතු කිරීමට සිදුවන බවයි විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතාට තම විපක්ෂ නායක ලේකම් ලෙස තමන්ගේ පුද්ගලයෙකු ලබා ගැනීමේ අවස්ථාව මේ අනුව අහිමිවනු ඇති.

You May also like

Sorry. No data so far.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *