එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාව පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (10) පස්වරු තුනෙන් පසුව පැවැත්වෙනු ඇතැයි වාර්තා වනවා.
එම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බවයි අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන තමන් ඇතුළු පක්‍ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුටද සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසටද දන්වා ඇති බවයි හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉදිරියේ පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද පැවැත්වන සාකච්ඡාව සුබවාදීව අවසන් වනු ඇති බවයි ආරක්‍ෂක රාජ්‍ය සහ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන කියාසිටියේ.
ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබද අමාත්‍ය නවීන් දිසානායක නුවරඑළිය ප‍්‍රදේශ පැවති උත්සවයකදී අදහස් පළ කරමින් සඳහන් කළේ පක්ෂයේ ජයග්‍රහණය සඳහා පක්ෂයේ පළමුවැනියා සහ දෙවැනියා එකට වැඩ කිරීම අත්‍යාවශ්‍ය බවයි.
මේ අතර නානුඔය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය පලනි දිගම්බරම් පැවසුවේ ජයග‍්‍රහණය කළ හැකි අපේක්‍ෂයෙකු ඉදිරිපත් කරන්නේ නම් පමණක් දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබාදෙන බවයි. කෙසේවෙතත් පලනි දිගම්බරම් අමාත්‍යවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන ඕනෑම අපේක්‍ෂකයෙකුට සහාය ලබාදීමට සිය සන්ධානය සූදානම් බවයි.