ආහාර අර්බුදය ගැන අගමැති තැබූ ෆේස්බුක් සටහන

ඉදිරියේදී මෙරට ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ ස්කයි නිවුස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එවැනි පසුබිමක එම ආහාර අර්බුදයට මුහුණදීමට ජාත්‍යන්තර සහාය ලබාගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අනාවරණ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග තමන් සිදුකළ සාකච්ඡාවලින් පසුව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඒ සඳහා සහතික වූ බවය.

ජනතාවට දෛනික තුන්වේලම ලබා දීමට තමන් ප්‍රමුඛත්වය ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published.