රනිල් සහ රවී හිරේ යැවීමට ජනපති සූදානම් (Video)

ඉදිරි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව සහ අමාත්‍ය රවී කරුණානායක මහතාව අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ පසුව එහිදී ඉදිරිපත් වීමට නියමිත සාක්ෂි මත මෙසේ රනිල් සහ රවී සිරගත කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් ඊයේ (03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික මහා සම්මේලනයේදී ජනාධිපතිවරයා පැවසුවේ අර්ජුන මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා මෙන්ම ඔහුට වඩා ලොකු ලොකු පුද්ගලයින් ද අධිකරණය හමුවට පැමිණවීමට අවශ්‍ය ලිපි ලේඛන දැනටමත් සකස් කර අවසන් බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *