සජිත් රැගෙන ගිය ‘විපක්ෂ නායක කාර්යාලයේ යතුරත්’ රනිල් යළි ගෙන්වයි

විපක්ෂ නායක කාර්යාලයේ යතුරු සජිත් ‌ප්‍රේමදාස මහතා‌ගේ පාර්ශ්වය විසින් ලබාගෙන තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර තිබූ දැනුම්දීමකට අනුව එම යතුරු නැවත ලබාගෙන ඇති බව විපක්ෂ නායක කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

එහිදී වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු‌වේ විපක්ෂනායක ‌ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ නිල වශයෙන් රාජකාරී බාර ‌දෙන ‌තෙක් කිසිවකුට විපක්ෂ නායක කාර්යාලයේ යතුරු ලබා ‌නොදෙන ‌ලෙසයි.

ඒ අනුව ‌ප්‍රේමදාස මහතා‌ගේ පාර්ශ්වය විසින් ‌ගෙන ගිය යතුරු නැවත ‌ගෙන්වාගෙන ඇති බවද දැනගන්නට තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *