නියෝග කළේ නෑ.. නීතිපති ගෙනාවේ නෑ.. – බොරැල්ල OICගේ මරණය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයාට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එසේම එම සිදුවීමට අදාළ කිසිවෙක් හෝ අත්අඩංගුවට ගැනීමටත් කිසිවෙක් හෝ නිදහස් කිරිමටත් තමන් නියෝග නොකළ බවද ඔහු සඳහන් කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අගමැතිවරයා කියා සිටියා.

තමන් කිසිවිටකත් නීතිපතිවරයා අරලිය ගහ මන්දිරයට කැඳවා නොමැති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.

බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයාගේ මරණයට සම්බන්ධ අනතුර පිළිබඳව එල්ල කරන චෝදනාවලට අගමැතිවරයා දුන් පිළිතුර පහතින් නැරඹිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *