‘අගමැතිතුමා තිරුපති ගිහිල්ලා තරාදියක වාඩි වෙලා ඉන්න හොඳ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දැක්කා. බර බැලන්ස් කරන්න තරාදියේ අනෙක් පැත්තට දාලා තිබුණේ රන්, රිදී, මුතු, මැණික් කියලත් ප්‍රචාරයක් යනවා.’ නවීන් ඇසුවේ කවුරුත් සිනහ ගන්වමිනි.
‘මගේ බරට රත්රන් දෙන්න මම එච්චර පොහොසතෙක් නෙවේ. අපේ රටේ පරණ හා අලුත් කාසි වර්ග, හාල්, හකුරු, සූකිරි ඇතුළු කෑම වර්ගයි දැම්මේ.’ අගමැතිවරයා පිළිතුරු දුන්නේද මඳ සිනහවක් සමඟිනි.
‘පොහොට්ටුවේ අය උපහාසෙට වගේ අගමැතිතුමාගේ තරාදි ෆොටෝ එක දානවත් එක්කම මහින්ද ඒ තරාදියේම වාඩි වෙලා ඉන්න ෆොටෝත් ෆේස්බුක් එකේ එන්න පටන් ගත්තා’ රංජිත් අලුවිහාරේ ඊට තවත් යමක් එකතු කළේය.
‘සමහරු හිතන් ඉන්නේ මම සරම් අඳින්නේ නෑ, මම සරම් අඳින්න දන්නේ නෑ කියලයි. මම ඒකත් ඇඳල පෙන්නුවා. ඒ ඉන්දියාවේ ඇඳුම සරම නිසයි. ඒත් එංගලන්තෙදි මම සරම අඳින්නේ නෑ. මම ෆේස්බුක් එකට ස්තුති කරනවා මගේ සරම් ඇඳීමයි, පන්සල් යෑමයි, දරුවන්ට ආදරේ කිරීමයි පෙන්නන එකට. තව මට මොනවද කරන්න කියන්නේ.’ අගමැතිවරයා කීවේ කාගේත් සිනා මැදය.