පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ ප්‍රමිතිය වැඩි කළ යුතු බව සියලු දෙනා පිළිගන්නා බව කී වික්‍රමසිංහ මහතා පසුගිය දශක කිහිපය තුළම එම ගෞරවය විශාල වශයෙන් බරපතල අර්බුදයකට ලක් වූ බවද පැවසීය.
පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා ගෞරවය රැක ගැනීම වැදගත් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථිකය තක්සේරු කිරීමට ක්‍රමවේදයක් ගෙන ඒම වැදගත් බවද මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අදාල ආර්ථික සංඛ්‍යාලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සඳහන් කළේය.