නිදහස ඉල්ලන්නේ රංජන් කලාකරුවාට…වැරදි කරන එක මිනිස් ගතියක් සමාව දෙන එක දේව ගතියක් – අනුෂා දමයන්ති

සිරගතව සිටින දේශපාලනවරයෙකු හා කලාකරුවෙකු වූ රංජන් රාමනායකට නිදහස ඉල්ලා කලාකරුවන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදී ජනප්‍රිය රංගන ශිල්පිණියක වූ අනුෂා දමයන්ති ද අදහස් පළ කර සිටියා.

”අප ඉල්ලා සිටින්නේ හැකි නම් ජනාධිපති තුමනි, මේ රජයට හැකි නම් නිදහස් කරන්න ඔහුව අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. නීතියට එරෙහි වුවත් අපි නීතියට ගරු කරනවා.අපි ඔහු කරපු සියලු දේවල් සාධාරණයි කියන්නේ නැහැ.”මම හිතනවා ඔහු දේශපාලනයේදී සහ කලාවේදී හිතුවක්කාරයි හිතුවක්කරකමට කරන බොහෝ දේ තියනවා. සමහර වෙලාවට”වැරදි කරන එක මිනිස් ගතියක් සමාව දෙන එක දේව ගතියක්”මං හිතන්නේ ඔහුට අපි සමාව දිය යුතුයි.මේ රටේ දශක කිහිපයක් කලාකරුවෙක් විදියට ඔහු මිනිස්සුන්ව පිනවපු කෙනෙක් ඔහුගේ විහිලුවකට හිනා වෙච්ච නැති කෙනෙක් මෙතන නැහැ ඒ නිසා ඒ සංවේදීකමත් එක්ක අපි මේ නිදහස ඉල්ලන්නේ රන්ජන් රාමනායක කලාකරුවාට.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *