පාර්ලිමේන්තු වාහන අංගණයේදී ‘කොකේන් පානය කළ’ මන්ත්‍රීවරයා

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු වාහන අංගණයේදී කොකේන් භාවිත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද (18) මාදිවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එම මන්ත්‍රීවරයා දිවා ආහාරයේදී මෙසේ සිය වාහනයට පැමිණ කොකේන් භාවිත කර ඇති බවට තොරතුරු ඇතැයි ඔහු කියා සිටියා.

එසේම වතුකම්කරුවන්ගේ වැටුප ගැන කථා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොකේන් භාවිත කරන බවට චෝදනාවක් ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ තොරතුරු තමන් කතානායකවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *