හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා පසුගිය 15 වැනිදා පස්වරුවේ ලබාදුන් නියෝගය මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.
එම නීතිඥවරිය විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් සේම අධිකරණයට අපහාස කිරීමක් බව පෙනීයන හෙයින් එකී නියෝගය නිකුත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අද (17) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරුණු වාර්තා කිරීමටද නියමිතයි.
Comments are closed, but trackbacks and pingbacks are open.