රන්ජන් නම් කිහිපයක් කියයි

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා බැලිමට පත්කළ එක්සත් ජාතික පක්ෂ කමිටුව අද රැස්විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කමිටු රැස්වීමට රාජ්‍ය අමාංත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ප්‍රකාශය ලබාදුන්නේය. මෙහිදි තමන් නම් කිහිපයක් සඳහන් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත මෙම කමිටුවේ සභාපතිත්වය දරයි.

“මම වාචිකව නම් කිහිපයක් කිව්වා මගේ නිවැරදිභාවය ඔප්පු කරන්න. ලියාපදිංචි තැපෑලෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු යැව්වා. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා වාචික කටඋත්තරයකට. මම සැදී පැහැදි ඉන්නවා කටඋත්තරයක් දෙන්න.

අත්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සභාපති නිලංග මහතා මේ පිළිබඳව වාර්තාවක් සකස් කර තිබුණා. ඔහුට ජිවිත තර්ජන ඇවිත් මේ ලිස්ට් එක දාන්න ගිහිල්ලා නොවේ වලට ගිහිල්ලා තිබෙනවා. අද ඔහුට දුරකතනයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔහුගේ ලිස්ට් එක හා මගේ ලිස්ට් එක සන්සන්දනය කරනවා. රටේ ජනතාවගේ අනාගතය ගැන හිතලා මේ ලිස්ට් එක ඉදිරියේදි ලබාදෙන්නම් පරීක්ෂණවලට හානියක් නොවන්න.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *