රන්ජන්ගෙන් හිරගෙදර සිට ජනපතිට අතින් ලියූ පණිවිඩයක්

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිරගෙදර සිට ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව අඳින ලද කාටුනයක් පිළිබඳව කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ කාටූනය පසුගිය දා රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට පැමිණි අතරවාරයේ තුන්වැනි පාර්ශ්වයක් හරහා කරළියට පැමිණ තිබෙනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාට යවන පණිවිඩයකි.

එහිදී රන්ජන් ඇඳ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් උළෙල දා කළ කතාවයි.

සිය පාලන කාලය තුළදී මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් නැති කරන බවට ගෝඨාභය කළ කතාවට ප්‍රතිචාර දක්වමින් රන්ජන් ඇඳ තිබුණේ එසේ කළහොත් ජනාධිපතිවරයාට අපෙන් ඩබල් සැලියුට් හිමිවනවා යැයි කියායි.

රන්ජන් එහි අත්සන් කර තිබුණේ ‘වන්ෂොට්’ යනුවෙනි.

රන්ජන් සිරගතව සිටියදී අඳින ලද එම කාටූනය පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *