රන්ජන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේනවා.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා අද (19) උදෑසන බන්ධනාගාර බස් රථයකින් එම රෝහල වෙත රැගෙන ආ බව වාර්තා වේ.

වෛද්‍ය නිර්දේශ මත වෛද්‍ය සායනයක් සඳහා සහභාගි කර වීමට රන්ජන් රාමනායක මහතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ආ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසූවේ.

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, මේ වන විට ඔහු යළි අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *