රන්ජන්ව බේරා ගන්න කලාකරුවෝ පෙරට එති

වසර 4ක සිරදඩුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා කලාකරුවන් පිරිසක් සාකච්ජාවක් පවත්වා ඇත.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියද එක්ව ඇති අතර ජනාධිපතිවරයාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති මහතාද සහභාගීව තිබේ.

මීට අමතරව ප්‍රවීණ කලාකරුවන් වන කමල් අද්දරආරච්චි, දිල්හානි ඒකනායක ඇතුලු 30කට ආසන්න සංඛ්‍යාවක් මෙම සාකච්ජාවට එක්ව සිටි බව වාර්තා වේ.

මෙහිදී ජනාධිපතිවරයාට ලබා දීම සදහා ලිපියක්ද සේනාධිපති මහතා වෙත භාරදීමට කලාකරුවන් පියවර ගෙන ඇත.

කෙසේවෙතත් ප්‍රවීණ කලාකරුවන් වන මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක වැන්නන් මීට සහභාගී වී නොතිබීමද විශේෂ සිදුවීමකි

You May also like

Leave a Reply

Your email address will not be published.