මහින්දානන්දගේ ප්‍රකාශය ගැන රාජ්‍ය ඇමති සියඹලාපිටිය වාර්තාවක් කැඳවයි

සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ වාර්තාවක් කැඳවීමට රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි, සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී.එස්.සී. නෝනිස් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ලබා දෙන ලෙසයි. එම වාර්තාව මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *