දුම්රිය නැවතුමක ගී ගයමින් සිටි වීඩියෝවක් අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් එක්ක නොසිතූ ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක් වුණු රණු මොන්ඩාල්ව මේ වෙද්දි නොදන්න කෙනෙක් නැහැ. ජනප්‍රියත්වයත් එක්කම බොලිවුඩ් චිත්‍රපටවලට ගීත ගයන්නත් රණු මොන්ඩාල්ට අවස්ථාව ලැබුණා. ඒත් එක්කම බොහෝ දෙනෙක්ගෙ අවධානය යොමු වෙච්ච කාරණයක් වුණේ අවුරුදු 10කින් රණූ මොන්ඩාල් ගැන සොයා නොබැලූ ඇගේ දියණිය නැවත රණූව හමුවී සබඳකම් අලුත් කරගත්ත එක ගැනයි. බොහෝ දෙනෙක් මේ පිළිබඳව තමන්ගේ අප්‍රසාදය පළ කරමින් එම දියණියට දොස් කියනු දකින්න ලැබුණා තම මවට ලැබුණු ජනප්‍රියත්වය සහ මුදල් දැකලා පැමිණිලාය කියලා. මේ ගැන තමන්ගේ පැත්තෙන් කරුණු දක්වන්න රණූ මොන්ඩාල්ගේ දියණිය වන එලිසබත් සාති මේ වෙද්දි කටයුතු කරලා තියනවා.
ඇය කියන්නේ තමන්ගේ මව දුම්රිය පොළක ගී ගයමින් සිටින බවක් ඇය දැන හිටියේ නැති බවයි. විවාහයෙන් පසු තම මව සමග ඇති ආශ්‍රය සීමා වුණත්, තමන්ට හැකි හැම අවස්ථාවකදීම තමන් මවට මුදලින් සහ ආහාර ද්‍රව්‍යවලින් උදවු උපකාර කළ බව ඇය පවසනවා. තමන් සමග ජීවත් වෙන්නට එන්නටයැයි රණූ මොන්ඩාල්ට කීප විටක්ම ඇවටිලි කළත් ඒ හැම අවස්ථාවකදීම ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට දුව පවසනවා. රණූ මොන්ඩාල් දෙවතාවක් විවාහ වී ඇති අතර තමන් ඇගේ පළමු විවාහයේ බාල දියණිය බවට ඇය පවසනවා. තම මවට දරුවන් හතර දෙනෙක්ම සිටියත් සමාජයෙන් දොස් අසන්නට සිදුව ඇත්තේ තමන්ට පමණක් වීම කණගාටුදායක බවත් ඇය වැඩිදුරටත් කියා සිටිනවා.
මේ අතර ඇය විසින් රණූ මොන්ඩාල්ව වර්තමානයේදී බලා කියා ගන්නා අම්රා ශොබායි නම් සංගමයටද චෝදනා එල්ලකරනවා. ඇය කියන්නේ එම සංගමයේ සාමාජිකයින් විසින් රණු මොන්ඩාල්ව රවටා ඇය විසින් දැන් උපයන මුදල් වලට වංචා කරන බවකුයි.