සල්මාන් ඛාන් රනූ මොන්ඩාල්ට නිවසක් තෑගි දුන් කතාව බොරුවක්!

අහම්බෙන් ජනප්‍රිය වුණු වීඩියෝවක් නිසා අතිශය ජනප්‍රියත්වයට පත් වූ රනූ මොන්ඩාල් ​මේ වෙද්දි ඉන්දියාවෙන් පිටතත් ජනප්‍රිය චරිතයක්. මේ වෙද්දි ඇගේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වය නිසා ඇයට බොලිවුඩ චිත්‍රපටවලට ගී ගැයීමේ අවස්ථාවත් හිමිවෙලා තියනවා. ඒ වගේම බොලිවුඩ් දැවැන්තයින්ගෙන් ඇයට උදවු උපකාර සහ ආශිර්වාදී හිමිවෙන බවටත් ප්‍රවෘත්ති පළ වෙනවා.

මේ අතරින් වඩාත් ජනප්‍රිය වුණු පුවතක් තමයි ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මාන් ඛාන් විසින් රනූ මොන්ඩාල්ට ලක්ෂ 165 නිවසත් තෑගි දී, ඔහුගේ ඊළඟ චිත්‍රපටයක් වන ‘ඩබාංග් 3’ හි ගීත ගයන්නටද අවස්ථාව සලස්වා දුන්නායැයි කියන ප්‍රවෘත්තිය. මේ ප්‍රවෘත්තිය බොරුවක් බවයි දැන් වාර්තා වෙන්නේ…

රනූ මොන්ඩාල්ට වාසනාව උදාකරමින් ඇයව වීඩියෝගත කළ තරුණයා ව​න අතීන්ද්‍ර චක්‍රබෝර්ති මේ වන විට ඇගේ කළමනාකරු හැටියටයි කටයුතු කරන්නේ. ඔහු පවසන්නේ ඉහත ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. එවැනි කිසිදු ත්‍යාගයක් රනූ වෙත ලැබී නැති බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ වගේම සල්මාන් ඛානුත් තමන් එවැනි ත්‍යාගයක් දෙන බවක් නොකීවේයැයි මේ වන විට ප්‍රකාශ කර තිබෙන බවටයි ආරංචි වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *