පිළිසරණ වෙනුවට අටක් අපහරණය කළා – පාසල් දැරියන් දෙදෙනකු සමග හසුවූ රාජගිරියේ අක්කා

අවුරුදු 12 හා 13 අතර වයසේ පසුවන බාලවයස්කාර පාසල් දැරියන් දෙදෙනකු දින 4ක් තිස්සේ රඳවා තබා ගනිමින් අපහරණය කරනු ලැබූ පුද්ගලයන් තිදෙනකු කදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය හදාරන මෙම දැරියන් දෙදෙනා ඉකුත් 6දා සිය නිවාසවලින් පැනවිත් වත්තල ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති අතර වත්තල ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු විසින් මෙම දැරියන් දෙදෙනාට රැකවරණය ලබාදෙන්න යැයි පවසමින් ඔවුන්ව රැගෙන ගොස් ප්‍රදේශයේ ලැගුම්හලක තබාගෙන අපයෝජනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව මෙම දැරියන් දෙදෙනාව අපයෝජනය කිරීමට තවත් පුද්ගලයන් 7 දෙනකුට අවස්ථාව ලබා දී තිබෙනවා.

අනතුරුව දැරියන් දෙදෙනාව රාජගිරිය ප්‍රදේශයේ ‘අක්කා’ නමින් හැඳින්වෙන කාන්තාවක් හට භාරදී තිබේ. අක්කා නමැති කාන්තාව කාන්තාවන් මුදලට පිරිමින් හට සපයන තැනැත්තියක් බව පැවසෙනවා.

පසුව අක්කා නමැති එම කාන්තාව දැරියන් දෙදෙනා ඉගෙනුම ලැබූ පාසල වෙත පැමිණ දැරියන්ගේ අස්වීමේ සහතික ලබාගැනීමට උත්සාහ දැරීමේදී පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දැරියන් දෙදෙනාගේ කතාව හෙළිදරව් වී තිබෙනවා.

මෙම දැරියන් පවසා ඇත්තේ සිය මවුපියන් නිරන්තරයෙන් තමන්ට පහර දෙන බැවින් එයින් මිදීම සඳහා නිවෙසින් පැන යෑමට තීරණය කර එසේ යෑමේදී ඉහත සිද්ධීන්වලට මුහුණ දීමට සිදු වූ බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *