බාල වයස්කාර දැරිවියකට ලිංගික අපචාර කළ දකුණේ ජනප්‍රිය මන්ත්‍රී

දකුණු  පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට එරෙහිම ළමා ලිංගික අපචාර චෝදනාවක් අක්මීමන පොලිස් ස්ථානයට ලැබී ඇති අතර ඒ පිළිබද අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙසේ ළමා අපචාර චෝදනාවක් එල්ලවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාට එරෙහිවයි.

ගාල්ල අක්මීමන අන්නාසිකන්ද ප්‍රදේශයේ දාහතර හැවිරිදි දැරිවියකට අපචාර කර ඇති බවට අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ අඟහරුවාදා රාත්‍රියේය.

මේ සම්බන්ධයෙන් අදාල දැරිවිය පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

අවුරුදු දාහතරක් වයසැති දැරියකට යක්ෂ බැල්මක් ඇති බව කියමින් ශාන්තිකර්මයක් කිරීමට ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ මෙම මන්ත්‍රීවරයා පැමිණ ඇති අතර එම ශාන්තිකර්මය සිදුකරන අවස්ථාවේදී දැරියට ලිංගික අතවර සිදුකර තිබෙනවා.

මේ පිළිබද දෙමාපියන්ට කරුණු වැටහීමෙන් පසුව දැරිය සමග පැමිණ පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *