හිටපු ජනපතිට එරෙහිව රතන හිමිගෙන් CIDයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

උන්වහන්සේ පැවසුවේ, රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළා යැයි පැවසෙන ප්‍රකාශයකට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා බවය.

පසුගියදා දෙරණ 360 වැඩසටහනට එක්වු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස රතන හිමියන් ඉල්ලීමක් කළ බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වු පූජ්‍ය රතන හිමි,

“ජූඩ් ශාමන්ත ජයමහ යන පුද්ගලයාව නිදහස් කරන ලෙස නියෝග කළේ, විශේෂයෙන්ම බන්ධනාගාරය මුල්කරගෙන පවතිනවා විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයින්, මනෝ වෛද්‍ය විශේෂඥවරු ඇතුළු ඇතුළු පිරිසක් තමා මේ පරීක්ෂණය කරන්නේ. එහිදී තමා මේක නිර්දේශ වුණේ. මොහුව මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා, ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ, ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේ මේ විශේෂඥ කමිටුව.”

You May also like

Leave a Reply

Your email address will not be published.