රත්ගම දෙදෙනාම මැරූ ආකාරය හෙළිවේ – ගෙල නයිලෝන් ලණුවකින් සිර කර දෙවැන්නාව මැරුවා ලු

දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගත් රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක්‌ අයකු අත් කකුල් බැඳ දමා නාසයට ජලය වත්කර ඝාතනය කර ඇති අතර අනෙක්‌ ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ නයිලෝන් ලණුවකින් ගෙල සිර කිරීමෙන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙම ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස්‌ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවුණා.

පොලිස්‌ නිලධාරීන් විසින් රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස්‌ පාළු නිවසක රඳවාගෙන ඔවුන් විසින් වධබන්ධනයට ලක්‌කරමින් ප්‍රශ්න කර ඇති අවස්ථාවේ එක්‌ ව්‍යාපාරිකයකුගේ අත් කකුල් බැඳ දමා නාසයට ජලය වත්කර තිබෙනවා.

එහිදී හුස්‌ම ගැනීමේ අපහසුතාවකින් එක්‌ ව්‍යාපාරිකයකු මියගොස්‌ ඇති අතර එම ව්‍යාපාරිකයා වධ බන්ධනයන්ට ලක්‌කර ඝාතනය කරන අයුරු අනෙක්‌ ව්‍යාපාරිකයා දැක තිබුණා.

එම ව්‍යාපාරිකයා මෙම ඝාතනය ඇසින් දුටු නිසා ඔහු ද මරා දැමීමට සැකකාර නිලධාරීන් සැලසුම් කර පසුව ඔහුගේ ගෙල නයිලෝන් ලණුවකින් සිර කර සිරුරු කැබ් රථයක දමාගෙන වලස්‌මුල්ල ප්‍රදේශයේ රක්‍ෂිත වනාන්තරයක්‌ වෙත රැගෙන ගොස්‌ පුළුස්‌සා විනාශ කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *