රත්ගම ව්‍යාපාරිකයන්ගේ සිරුරු පිළිස්සූ ස්ථානය සොයාගනී

රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුණු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ තිබී සොයාගත් අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා අද (22) එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල හැවැන්දෙණිය ප්‍රදේශයේ කණුමුල්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය ඇළ මාර්ගයක තිබී පිළිස්සුණු අස්ථි සහ දත් කොටස් කිහිපයක් සොයා ගත්හ.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා, මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී සුමිත් අඹේපිටිය මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරිහු පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වූහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *