කොරෝනා නිසා රතුගල ආදිවාසීන් කුස ගින්නේ (PHOTOS)

බිබිල රතුගල ආදිවාසි ගම්මානයේ ජීවත්වන පවුල් 98 ක ජනයා මේ දිනවල උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටින බව එහි නායක සුදා වන්නිල ඇත්තෝ පවසනවා.

එදිනෙදා කුලි වැඩ කරමින් ජීවිකාව ගෙන යන ආදිවාසීන්ට මේ දිනවල රැකියාවන් නොමැතිවීමත් සමග ගම්මානයේ සියලුම දෙනා මේ වන විට දැඩි ආහාර අර්බුදයකට ලක්ව සිටිනවා.

ආදිවාසීන් නිල්ගල වනයේ ඇවිද සොයාගන්නා කටු අල ඇතුලු අල වර්ග පමණක් දවසකට එක වේලක් ආහාරයට ගන්නා බව පවසනවා.

මහ කන්නයේ හේන් වගාවටත් ජලය නොලැබීම නිසාත් බඩ ඉරිගු සේනා දළඹු හානියෙන් විනාශ වීම නිසාත් ආදිවාසී ජනතාව මෙවැනි තත්ත්වයකට පත්ව තිබෙන බව සුදා වන්නියා ඇත්තෝ සඳහන් කළා.

රජයෙන් ලැබිය යුතු සේවාවන් තම ගම්මානයට මෙතෙක් නොළැඹු බව නායකයා ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *