පාර්ලිමේන්තුවේ කොකේන් භාවිතා කරනු ලබන මැති ඇමැතිවරු සිටිනවා කියා කියනවනම් එය නම්වලින් ඔප්පු කොට පෙන්විය යුතු බවත් නිකරුණේ එවැනි ප්‍රකාශයන් සිදු කොට මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය නැති කරන්න ඉඩ ලබාදීම සුදුසු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කර සිටියා.
ළාබාල ප්‍රකාශ කිරීමෙන් මන්ත්‍රීවරුන්ට කරනු ලබන අපහාසය මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ නැහැ එක්කෙනෙක්වත් එහෙම කරනවා කියලා. එහෙම කොකේන් භාවිතා කරනවනම් නම් වලින් ඒවා ඔප්පු කරලා කතා කරනවා මිසක් නිකරුණේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය නැති කරන්න හොද නැහැ.
අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මැතිතුමා තමයි ඒ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ. ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස මමයි පත්කරන්න හිටියේ. නමුත් මම ඕනෑකමින් ඉල්ලා අස්වුණා. ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න තියෙන නිසා. ආණ්ඩු පක්ෂයේ කියන සියළුම දේට විශ්වාසයක් නැහැ කියන මාධ්‍යයට ලබන අගහරුවාදාට බලාගත හැකියාව තියෙනවා ඒ පිළිබඳව.