ප්‍රේක්ෂකයන් හඬවමින් කෝලිලා IPL එකෙන් එළියට

රෝයල් චැලෙන්ජර්ස් සහ රාජස්තාන් රෝයල් අතර පැවති 49 වෙනි IPL තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය අත්හිටුවීමට විනිසුරුවන් තීරණය කළා. ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවුණා.

කෙසේ වෙතත් වර්ෂාවෙන් එල්ල වූ මෙම බාධාව විරාට් කෝලිගේ අවසන් බලාපොරොත්තුවත් සුණු විසිණු කරනු ලැබුවා. ඒ අනුව විරාට් කෝලි ඇතුළු රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට මෙවර IPL තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින දිල්ලි කැපිටල් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අර්ධ අවසන් පුර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබුවා.

තවද අර්ධ අවසන් පුර්ව වටයට යාම සඳහා විශාල අවස්ථාවක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටද තිබෙනවා.

පහත තියෙන්නේ මෙවර IPL තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *