ඉන්දීය කණ්ඩායමේ පරාජයට බලපෑ මූලිකම හේතුව සචින්, ලක්ෂ්මන් සහ ගංගුලි හෙළි කරති

ජයග්‍රාහී මාවතක සිටි ප්‍රබල ඉන්දීය කණ්ඩා​යම ඊයේ දිනයේ නවසීලන්තය අතින් අනපේක්ෂිත පරාජයක් හිමි කරගත්තා.

මෙහිදී ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු ප්‍රමාණයකට දැවීයාමත් සමග ඉන්දීය කණ්ඩායම වැටුනේ ඉතා අසරණ අඩියකට. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ඉන්දීය ඉනිම යම් තරමක ගොඩ නැගීමක් පෙන්නුම් කළත් තරඟ උපක්‍රම අතින් ඉන්දියානු කණ්ඩායමෙන් සිදුවූ යම් යම් අඩුපාඩු හේතුවෙන් ඔවුන්ගෙන් ජයග්‍රහණය ගිලිහුණා.

පරාජයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඉන්දීය ක්‍රිකට් ප්‍රවීණයන් වන සචින් ටෙන්ඩුල්කාර්, වී. වී. එස් ලක්ස්මන් සහ සවුරව් ගංගුලි යන තිදෙනාම ඉන්දීය කණ්ඩායමේ පරාජයට මූලිකව බලපෑ උපක්‍රමික වරද ලෙස එක් හේතුවක් දක්වා තිබුණා.

ඒ තමයි මහේන්ද්‍ර සිං දෝණි හාර්ඩික් පාණ්ඩ්‍යා වෙනුවට අංක 5ට පිටියට පිවිසිය යුතුව තිබූණු බ​ව. ශ්‍රී ලංකාව සමග පැවැත්වූ 2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී මෙන් ඉනිම මනාව කළමනාකරණය කරමින් දෝණිට ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන යන්නට ඒ මගින් වැඩි ඉඩක් තිබ්බාය යන්නයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මේ වනවිට ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳවී හමාරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *