අද සිට බිත්තරයක තොග මිල අඩු කරයි

ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවට සහන සැලසීම සඳහා අද (07දා) සිට සාමාන්‍ය බිත්තරයක තොග මිල රුපියල් දහතුන දක්වා අඩු කරන බව සදහන් කරයි.

ග්‍රෑම් 55කට වැඩි බිත්තරයක තොග මිල රුපියල් දාහතක් බවත්, මේ මස අවසන් වනවිට ග්‍රෑම් 55කට වැඩි බරින් යුත් බිත්තරයක මිල රුපියල් දාහතරක් දක්වා පහත දැමීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා සඳහන් කළේය.

බිත්තරයක සිල්ලර මිල රුපියල් විසිදෙක දක්වා ඉහළ ගිය බවත්, එහෙත් තොග මිල පහත දැමීමත් සමග සිල්ලර මිල රුපියල් 20 දක්වා අඩු වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය
මේ වනවිට බිත්තර ඉල්ලුම ඉහළ යමින් තිබෙන අතර, මේ නිසා ජනතාවට සහන සැලසීම සඳහා බිත්තර මිල පහළ දැමීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *