සිරගතව සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා නිදහස් කරගැනීම වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමක් පත්කොට ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා, මීට පෙර රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලෙස කිහිපවිටක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, එහෙත් මේ දක්වා එම ඉල්ලීම ඉටු නොවී ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, එම ඉල්ලීම නැවත වතාවක් කරන බවත් පැවසීය.
රන්ජන් රාමනායක මහතා ජනකාන්ත කලාකරුවෙකු බවත්, වංචා දූෂණ වලින් තොර මානව හිතවාදී දේශපාලනඥයෙකු බවත් පැවසූ විපක්ෂ නායකතුමා එතුමා වැනි පුද්ගලයින්ගේ අවශ්‍යතාවය වඩ වඩාත් දැනෙන බව ද පැවසීය.
අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට ගොස් සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලුවේය.