අධිකරණයේදී පොලිස් නිලධාරියෙකුට සද්දේ දැමූ අයෙක් රිමාන්ඩ්

අධිකරණයේ රාජකාරී නියතු පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (නොවැ. 2) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නිශ්ශබ්දතාව සඳහා අධිකරණයට පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට නියෝග කර ඇත.

එම අවස්ථාවේ අධිකරණයේ රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් නිශ්ශබ්දව සිටින ලෙස දැනුවත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු අමතා නිශ්ශබ්ද වන ලෙස ත් අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසට උපදෙස් ලබා දී ඇත.

එම පුද්ගලයා එය ප්‍රතික්ෂේප කරමින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදී පහරදීමක් සිදු කර නිලධාරියාගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමක් සිදු කර තිබේ.

අධිකරණයේ සිටි පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ (නොවැ. 2) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *