වෛරස් රෝගය වැළඳුණු ඌරන් ගොවිපොළවලින් පිටතට රැගෙන යාම අත්හිටුවයි

ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය මේ වනවිට බස්නාහිර පළාතේ ගොවිපොළ 4කින් හඳුනා ගෙන ඇති බව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා සඳහන් කළේ, රෝගය පවතින ගොවිපොළවලින් ඌරන් පිටතට රැගෙන යාම තහනම් කර ඇති බවය.

මෙම වෛරස් රෝගය මීට පෙර ද මෙරටින් වාර්තා වී ඇති අතර එය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.

කේ. කේ. සරත් මහතා සඳහන් කළේ, මෙම වෛරස් රෝගය මිනිසුන්ට බෝවිමේ අවදානමක් නොමැති බවයි.

වෛරසය වැළදී ඇති බවට සැකසහිත ඌරන් පශු වෛද්‍යවරයෙකු වෙත කඩිනමින් යොමු කරන ලෙස ද බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

මෙම වෛරස් රෝගය සඳහා එන්නත් කිරීම අවශ්‍ය වුවත් ඒ සඳහා එන්නත් මේ වනවිට මෙරට තුළ නැත.

බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ, එම එන්නත් ගෙන්වීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් සිදු කරනු ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *