පොලිස් ලොක්කා ‘මම හිටියේ නෑ කිව්වත්’ රත්ගම දෙදෙනා පැහැරගත දිනයේ සාක්ෂි දුරකතනයෙන් හසුවූ හැටි

ගාල්ල රත්ගම පදිංචිව සිටි තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගෙන ඔවුන්ව අතුරුදන් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහන ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් කිසිවක් ඒ සම්බන්ධයෙන් නොදන්නා බවයි.

එම පැහැර ගැනීම සිදුවන දින සහ වේලාව තුළ තමන් වෙනත් කටයුත්තක නිරතව සිටි බවත් ගාල්ල රත්ගම පැත්තේ එදින නොගිය බවත් සමන් රෝහන පවසා ඇතත් එම පැහැර ගැනීම සිදුවන විට ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහනගේ ජංගම දුරකතනය රත්ගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබී ඇති බව තහවුරුවී තිබෙනවා.

තරුණයින් පැහැර ගැනීමෙන් පසු සමන් රෝහන කිහිප දෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී ඇති අතර එහිදී තරුණයින් පැහැර ගැනීම ගැනද පවසා තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණයකර ගනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *