සුදුසුකම් සපුරන්න එංගලන්තයට ගිය  ලංකාවේ වෛද්‍යවරු 7කට කොරෝනා – ඉක්මනින් ගෙන්වා ගන්නැයි රජයට ඉල්ලීම්  

වි‍ශේෂඥ වෛද්‍ය සේවයේ අනිවාර්ය සුදුසුකම් සපුරාලීම සඳහා එක්සත් රාජධානිය වෙත අනුයුක්ත කරන ලද පශ්චාත් උපාධි වෛද්‍ය කණ්ඩයම හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ‍‍ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
ලිපියක් යොමු කරමින් මෙම වෛද්‍ය සිසුන් මේ බව දන්වා තිබෙනවා.
ඉතා අවාසනාවන්ත ලෙස පැතිර යමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එක්සත් රාජධානිය තුළ දැවැන්ත ලෙස පැතිරෙමින් ඇති බවත් ඒ නිසාවෙන් පුහුණු අඩපණ වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
විශේෂඥ කේෂ්ත්‍රයේ පුහුණු වන මෙම සිසුන් නුදුරේදීම ආසාදිත රෝගී ප්‍රතාකාර සඳහා ඉදිරි පෙළ වෛද්‍ය කණ්ඩායම් ලෙස යොදා ගැනීමට කටයුතු යොදා ඇති බවත් මෙම සිසුන් පෙන්වා දෙනවා.
‍ලංකාවේ වෛද්‍යවරු 7 ක්ට මේ වන විට කොරෝනා රෝගී තත්ත්වයට ගොඳුරු වී ඇති බවත් ඔවුන් ‍එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
මෙම විශේෂඥ වෛද්‍ය පුහුණුව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා ඉවහල් වන බැවින් දෙරටම පත්ව ඇති අසීරුතාවය මත මානුෂීයව සලකා බලා තම ජීවිත අවධානමෙන් ගලවා ගන්නා ලෙසත් එම වෛද්‍ය සිසුන් ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.
වසංගතය පාලනය කළ හැකි කාල සීමාව අවිනිශ්චිත බැවින් ඒ සඳහා ඉදිරි‍යේ දී රජයේ වෛද්‍යවරුන් ලෙස තමන් සිදුකළ යුතු කාර්යභාරය කෙරෙහි ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමු කර ශ්‍රි ලංකාවේ පවතින අවධානමට පෙර සුදානමක් ලෙස මෙම විශේෂ පුහුණු කණ්ඩායම ස්වෙච්ඡාවෙන් ලංකාවේ ‍සේවය කිරීමට කැමති බවත් ‍ඒ නිසාවෙන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

You May also like

3 Comments

  1. පුහුනුව කියලා පවුල් පිටින් ගිහින් ලබන පුහුනුව කුමක්ද., මේක තමයි දොස්තරලාගෙ බලු කම. කොරොනා නැත්නම් පුහුනුව අවසන් උනත් මලාට එන්නෙ නැහැ….

  2. Hello
    I live in uk. I know of several doctors who are here for further studies. Also there are several doctors who were here for training but now staying in uk without returning. Just remember these people will never come back under normal circumstances.

  3. According to the post, those doctors are from varied disciplines and there may be a few Physicians and may be one virologist or none.
    There is no logic in their claim that their service is indispensable for Sri Lanka in managing the COVID 19 pandemic because at the same time they say that they are afraid to be posted in front line COVID PATIENT TREATMENT IN U. K. HOSPITALS, WHERE THEY ARE PRESENTLY UNDERGOING TRAINING.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *