ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සඳහා ඊළාම් රාජ්‍යයක්‌ හදන්නැයි මුල්වරට එ.ජා. මහ ලේකම්ට ඉල්ලීමක්‌

ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩයන් සඳහා ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්නැයි දන්වමින් ඉල්ලීමක්‌ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස්‌ වෙත මුල්වරට ඉදිරිපත් වී ඇත.

මෙය ඉදිරිපත් කර ඇත්තේ ස්‌පාඤ්ඤයේ බාර්සිලෝනා මහ නගර සභාවයි. බ්‍රිතාන්‍යයේ සිට බාර්සිලෝනා නුවරට ගිය කොටි ක්‍රියාකාරීන් පිරිසක්‌ විසින් බාර්සිලෝනා නගර සභාවේ කැටලන් බෙදුම්වාදී මන්ත්‍රී කණ්‌ඩායම ලවා මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

මෙම ඉල්ලීමට අමතරව ශ්‍රී ලංකාවේ හමුදාව පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන ලෙසත්, ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදීමට පියවර ගන්නා ලෙසත් බාර්සිලෝනා නගර සභාව තවදුරටත් ඉල්ලා තිබේ.

ස්‌පාඤ්ඤයේ බාර්සිලෝනා නගර සභාව බෙදුම්වාදින්ගේ පාලනය යටතේ ක්‍රියාත්මකය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *