පොලීසිය විසින් මරා පුච්චා දැමූ බව කියන ‘රත්ගම මංජුගෙන් ‘ තාත්තාට ප්‍රසිද්ධියේ ලැබුණු බව කියන ඇමතුම

ගාල්ල රත්ගම දී පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට විරෝධය දක්වා රත්ගම හංදියේදි ඊයේ (23) පැවති විරෝධතාවක් අතරතුර ඝාතනයට ලක්වූ  පුතකු බව කියන පුද්ගලයෙකුගෙන් පියාට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් චින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් විසින් රැගෙන ගොස් තිබුණ අතර මංජුල බව කියමින් ඔහුගේ පියාට මෙම ඇමතුම ලබාදී තිබුණා.

ඒ අවස්ථාවේ මංජුලගේ පියා කියා සිටියේ ඒ කථා කරන කටහඬ මංජුගේ නොවන බැවින් මංජුගේ උපන් දිනය හා උපන් ස්ථානය කියන ලෙසයි.

එයට පිළිතුරු නොදුන් දුරකථනයෙන් කථාකළ පුද්ගලයා කියා සිටියේ තමන් මංජු බවත් තමන් කරදරයක් නැතිව හොඳින් සිටින බවයි.

මංජුගේ මව සහ සහෝදරිය ලෙස පෙනී සිටිමින් වෙනත් කාන්තාවන් දෙදෙනකු ඇමතුම ගත් එම පුද්ගලයා සමග කථා කළද ඹහුට ඒ කථා කරන්නේ තම මව හා සහෝදරිය නොවන බව තේරුම්ගත නොහැකි වුණා.

මේ අවස්ථාවේදී පවුලේ ඥාතීන් කියා සිටියේ තම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා පොලීසිය තවත් ප්‍රෝඩාවක් කරන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *