රටපුරා ගෑස් පිපිරීමේ සුලමුල හෙළි කරන්න – සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බවත් මේ වනවිට රටපුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවන නිසා අතිශය බරපතළ තත්ත්වයක් රටේ උද්ගතව ඇති බවත් විපක්ෂ නායකතුමා අද (30) පැවසීය.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා පසුගිය සෙනසුරාදා දින එනම්, 2021 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රමාණවත් පිලිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් නොලැබිණි. එබැවින්, පාරිභෝගික සුරක්ෂිතතාවයට, රටේ ගෘහණියන්ගේ හා නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ලබා ගැනීම අපේක්ෂා කරමින් විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග 27 (2) ප්‍රශ්නයක් යටතේ ඉදිරිපත් කරනු ලැබීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *