ගෝඨාභයට දීපු බලය කොට්ටය යට තියාගෙන සිටියා – ගැටඹේ නාහිමි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලය කොට්ටෙ යට තබාගෙන සිටි පුද්ගලයෙකු බව ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල ස්වාමීන් වහන්සේ සදහන් කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීයි සිරි විමල ස්වාමීන් වහන්සේ මෙසේ සදහන් කළේ. අග්‍රාමාත්‍යවරයා සහ විහාරාධිපති හිමියන් අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ද එක්වුණා.

මේ අතර ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරි විමල ස්වාමීන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් උන්වහන්සේ ඉල්ලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට තුළ පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට නායකත්වය දුන් රණවිරුවෙක් ලෙස ද කොරෝනා වැනි අර්බුද හමුවේ වුවද ජනතාවට සහන සලසමින් කටයුතු කළ රාජ්‍ය නායකයෙකු බවයි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රට වෙනුවෙන් කළ සේවය සිහිපත් කර නැවත මාතෘ භූමියට පැමිණ ජීවත් වීමට අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනාධිපතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද ලබාදීමට ඉඩ ලබාදෙන ලෙසයි.

You May also like

Leave a Reply

Your email address will not be published.