දඹුල්ල පරාදයි..තිරිමාන්න, ධනංජය සහ මැතිව්ස් සුපිරි පිතිකරණයක

සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයෙන් ගාල්ල කණ්ඩායම ජය ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලසිත් මාලිංග නායකත්වය දරණ ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 08ක් දැවී ලකුණු 345ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 82ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 89ක් රැස් කළා.

මිලින්ද සිරිවර්ධන පන්දු 44කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 65ක්.

ලකුණු 346ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන දඹුල්ල කණ්ඩායම සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 269ක් පමණයි.

නායක මැතිවුස් ලකුණු 78ක් ලබා ගත් අතර කොළඹ කණ්ඩායමට නම් කර අවස්ථාව නොදීම නිසා ඇන්ජලෝ මැතිවුස් විසින් තම පිලට ඉල්ලා ගත් අශාන් ප්‍රියන්ජන් ලකුණු 41ක් මෙහිදී ලබා ගත්තා.

මෙම තරගයේදී මාලිංගට හිමිවුයේ එක කඩුල්ලක් පමණයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *