බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ සැණකෙළිය මේ වනවිට පැවැත්වෙනවා.
එය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.
පුරාවෘත්ත වල එන චරිතයක් වන මිසරුලේහි රෙයි මොමෝ රජු වෙත සංකේතාත්මක යතුර ලබාදීමෙන් රියෝ සැණකෙළිය නිල වශයෙන් ආරම්භ වුණා.
පුරාවෘත්තයන්හි දැක්වෙන රෙයි මොමෝ රජු වෙත මෙවර ද රියෝ සැණකෙළියේ වැඩි අවධානයක් හිමිව තිබුණා.
බ්‍රසීලයේ වඩාත්ම ජනප්‍රිය සැණකෙළිය වන්නේ රියෝ දි ජෙනයිරෝ සැණකෙළියයි.
රියෝහි සැල්වදෝර් සහ රෙසිෆේ නගර කේන්ද්‍ර කරගෙන සැණකෙළිය පැවැත්වෙන අතර වර්ණවත් සහ විසිතුරු ඇඳුම් විලාසිතා එක්වන මේ උත්සවය නැරඹීම සඳහා ලොව පුරා සංචාරකයන් දහස් සංඛ්‍යාත පිරිසක්ද එක්වන බව විදෙස් වාර්තා පවසා තිබෙනවා.