ඇමති රිෂාඩ්ගේ සොහොයුරා අත්අඩංගුවට – ෂැංග්‍රිලා ප්‍රහාරකයා සමග සම්බන්ධයක් ?

පසුගිය දා එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරය එල්ල කළ එම්.අයි. ඉන්සාෆ් අහමඩ් සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව මතයි.

මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා සම්බන්ධවූ ඉන්සාෆ් අහමඩ් සමග ව්‍යාපාරික කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාට විපක්ෂ දේශපාලන නායකයන්ද චෝදනා එල්ල කර තිබුණා.

හිටපු අමාත්‍ය එස්.බි.දිසානායක මහතා ද ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාව ද අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාට ඇප ලබාදීමට පොලිසිය උත්සාහ දරන බවට ද චෝදනා එල්ල වනවා.

වියට්නාමයෙන් ගම්මිරිස් ලංකාවට ආනයනය කර, ඒවා ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් බවට ව්‍යාජ සහතිකයක් ලබාගෙන, ශ්‍රී ලංකාව විසින් එළඹ ඇති වෙළඳ ගිවිසුම් යටතේ බදු සහන ඇතිව ඉන්දියාව ඇතුලු රටවලට අපනයනය කිරීමේ ජාවාරමක නිරතවන බවට චෝදනා එල්ලවී තිබුණේ ද අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයාටයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *