රිෂාඩ් නිදහස්

සති දෙකකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට හා ලක්ෂ පනහ බැගින් ශරීර ඇප 2ක් ලබා දීමට නියෝග කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිෂාඩ් බදියුදීන් නිදහස් කර ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු මාස 6ක් තිස්සේ බන්ධනාගාර ගතව සිටියේය.

රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ සෑම සති දෙකකට ම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීමේ කොන්දේසි මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කළේය.

මීට අමතරව රිෂාඩ් බදියුදීන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කළේ ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *