සමාජ මාධ්‍යවල අවධානය දිනාගත් වෙනස්ම පුද්ගලයා කවුද කියලා අද රෑට හෙළිදරව් ​වෙයිද? (Video)

පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල වගේම ගොසිප් වෙබ් අඩවි හරහාත් අපූරු පෙනුමකින් යුතු වෙනස් විදිහේ පුද්ගලයෙක්ගේ රූප රාමු පෙළක් දකින්න ලැබුණා. මුලින්ම මේ පුද්ගලයාව අපිට දකින්න ලැබු​ණේ අවන්හලක් ඇතු​ළෙ රහසිගතව පටිග​ත කරපු ඉතා කෙටි වීඩියෝවක් හරහායි. එතනදී මේ පුද්ගලයාව වීඩියෝ කරමින් හිටපු පෙම්වතුන් දෙදෙනෙක්ගේ දර්ශනයක් අපිට දකින්න ලැබුණත් ඉන් එහාට කිසිම තොරතුරක් දැන ගන්නට ලැබුණේ නැහැ.

ඉන් පස්සේ මේ කෙනාව දකින්න ලැබුණේ සුපිරි වෙළඳසලක රහසිගතව පටිගත කරපු දර්ශනයකින්. ඒකෙදි කලින් වීඩියෝවට වඩා පැහැදිලිව අපිට මේ පුද්ගලයාව දකින්න ලැබුණා. බාහිර පෙනුමෙන් තරමක් වෙනස් වුණත් බොහොම කූල් විදිහට ඇඳ පැළඳගෙන, කල්පනාකාරීව තමන්ගේ තෝරාගැනීම් කරමින් හිටපු ​ඒ පුද්ගලයා කවුද කියලා තරුණියකගෙන් විමසුවාම ඒ තරුණිය කිවුවේ ‘එයාට පාඩුවෙ ඉන්න දෙන්න’ කියලයි. තරුණිය මේ පුද්ගලයාව දන්නා හඳුනන කෙනෙක්ද කියල අපිට එවෙලේ සැකයක් මතු වුණත්, අනපේක්ෂිත විදිහට වීඩියෝව එතැනින් නැවතුණු හින්දා ඒ ගැනත් අපිට වැඩි අදහසක් ලබාගන්න බැරි වුණා.

ඉන් පස්සේ මේ පුද්ගලයා බොහොම කූල් විදිහට විදුලි සෝපානයකට ඇතුළු වෙන දර්ශනයක් සහිත වීඩියෝවක් එළියට ඇවිල්ලා තිබ්බේ අර වීඩියෝ වල රස්නෙ යන්නත් කලින්මයි. ඒකෙදිත් මොහු ගැන වැඩි විස්තරයක් හෙළිදරවු නොවුනත් සෝපානය ඇතුළේ හිටපු මව මේ පුද්ගලයාව දන්නවදෝ කියලා අපිට යම් සැකයක් ඇතිවුණා.

මේ වීඩියෝ කීපය අන්තර්ජාලයේ සැරි සරමින් කවුරුත් කුතුහලයට පත් කරලා තිබෙන මොහොතක තමයි අද අපි මේ කියන පුද්ගලයා​ගේ අලුත්ම වීඩියෝවක් එළියට එන්නෙ. මේ තියෙන්නේ ඒ වීඩියෝව

යම්කිසි මාධ්‍යවේදිනියක් ප්‍රවෘත්ති වැඩසටහනක් මෙහෙයවමින් ඉන්න අවස්ථාවක අපිට පසුබිමින් දකින්න ලැබෙනවා මේ වෙනස් පුද්ගලයා බොහොම කරුණාවෙන් යුතුව අන්ධ පුද්ගලයෙක්ට පාර පනින්නට උදවු කරමින් එන දර්ශනයක්. මේ වෙනස් පුද්ගලයා​ව දකින ​ඒ මාධ්‍යවේදිනිය සහ අවට සිටින පිරිස ඔහු පසු පස හඹා ගියත් ඔහුව සම්බන්ධ කරගන්නට ලැබෙන්නේ එතන හිටපු එක කුඩා දරුවෙක්ට විතරයි. ඒ දරුවාටත් මේ කරුණාවන්ත ගති ගුණ වලින් හෙබි වෙනස් පුද්ගලයා ගැන වැඩි විස්තරයක් දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අද රෑ 6.55ට TV බලන්න කියන පණිවිඩය විතරයි ඔහුගෙන් ලැබෙන්නේ.

අද රූ TV එකෙන් මේ අපූරු පුද්ගලයා ගැන ​මොකක් හරි හෝඩුවාවක් ලැබෙයිද? ඒ ගැන තොරතුරු ඉදිරියේදී අපි ගෙන එන්නම්.