රුවන්වැලිසෑ විහාරස්ථානයේ ‘අටපිරිකර සහ ධර්ම පුස්ථක සොරාගත්’ පොඩි පුතා

මවගේ අනියම් පෙම්වතා සමග බාලවයස්කාර පුතු විවිධ සොරකම් සදහා යොමුකල මවක් ඇගේ අනියම් පෙම්වතා සහ දාහතර හැවිරිදි පුතු සමග අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලීසිය පවසනවා.

මෙම මව සහ දරුවා නොච්චියාගම ඉහල සිංහාරගම ප‍්‍රදේශයේ පදංචි අයවළුන් වන අතර මවගේ අනියම් පෙම්වතා යැයි පැවසෙන සැකකරු 38 කණුව මහබුලංකුලම ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක් වනවා.

රුවන්වැලිසෑ විහාරස්ථානයේ අටපිරිකර දහසයක් ,ධර්ම පුස්ථක දෙකක් ඇතුළු සොරකම් රුසක් මොවුන් විසින් සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී .තිබෙනවා.

මෙම සොරාගත් භාණ්ඩ රුසක් සැකකරුවන්ගේ නිවෙස් වල හා විවිධ ස්ථාන වල තිබියදී පොලීසිය මගින් සොයාගන පොලිස් භාරයට ගත්තා.

බාල වයස්කාර සැකකරුගේ මවගේ අනුදැනුම මත මෙම සොරකම් සිදුව ඇති අතර සොරකමට අනුබල දීම යටතේ ඇයද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *