ඉරාකයේ ඇමෙරිකන් කඳවුරකට ප්‍රහාර – අනතුරක් නැතැයි අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඉරාකයේ කර්කුක් පළාතේ ඇමෙරිකන් හමුදා රැඳී සිටින කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් කඳවුරට හානියක් සිදුවුවත් එහි සිටි තම සොල්දාදුවන්ට අනතුරක් සිදු නොවුණු බව ඇමෙරිකාව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

රොකට් ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාකයේ ඉරාන හිතවාදී සටන්කාමීන් යැයි සැක කෙරෙන අතර මීට පෙර අවස්ථා කීපයකදී ද මේ අයුරින් ඉරාන හිතවාදී සටන්කාමීන් ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *