ක්‍රිකට් හිතේ නැහැ රග්බි තියෙනවා – රෝහිත

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා දේශීය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවීමට සූදානමින් සිටින බවට වාර්තා විය. ඒ අනුව පැවසුවේ එළඹෙන අන්තර්සමාජ සීමිත ඕවර් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඔහු පුහුණුවීම් ආරම්භ කර ඇති බවය.

මේ ගැන අදහස් දක්වමින් රෝහිත රාජපක්ෂ මහතා පවසන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධවීමට කිසිදු බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවයි. එසේම ඉදිරි LPL තරගාවලියට සහභාගිවීමටද කිසිදු අදහසක් නොමැති බවද ඔහු පැවසුවේය. ඒ අනුව ඔහු ක්‍රිකට්වලට සම්බන්ධ වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මේ මස අගදී පැවැත්වෙන සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගිවීමට සූදානමින් සිටින බවත්, ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය රග්බි කණ්ඩායම වෙනුවෙන් තරගවලට එක්වීමට සූදානමින් සිටින බවත්ය.

කෙසේනමුත් මේ ගැන සඳහන් වන තොරතුරු වල වාර්තා වන්නේ රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමේ අරමුණින් ඔහු පළමුපෙළ තරගවලට සම්බන්ධවීමට සූදානම් වන බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *