රූකාන්ත එජාපයෙන් දඹදෙණියට..සන්ධානයේ ප්‍රබලයන් දෙදෙනෙකුටත් එජාපයෙන් සංවිධායක පදවි

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු ලෙස අද (11) පත්වීම් ලිපි ලබා ගත්තා.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනුයි.

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක පත්කර ඇත්තේ දඹදෙණිය සංවිධායකවරයා ලෙසයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා මහනුවර පාතදුම්බර සංවිධායකවරයා ලෙස ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අරණායක ආසන සංවිධායකවරයා ලෙසද මීගමුව සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද පත්කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *