රූකාන්තට පහරදුන් අයෙක් පොලිස් දැලේ

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට පහරදී මෝටර් රථයට හානි කළ බවට සැකකරන 68 හැවිරිදි පුද්ගලයකු මිරිහාන පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය විල්වාසලවත්ත දෙවැනි පටුමග පදිංචි අයෙක්.

දිවුලපිටිය පොලිස් වසමේ කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි මිරිහාන පොලිසිය පවසන්නේ.

පෞද්ගලික රූපවාහිනී නාලිකාව ආධුනක ගායක ගායිකාවන් තෝරනු ලබන වැඩසටහනක විනිශ්චය මණ්ඩලයට සහභාගීව, ඒමට සැරසෙද්දී, පැවති තරගයෙන් ඉවත් වූ තරගකරුවකුගේ ආධාරකරුවන් පිරිසක් මෙලෙස 23 වැනිදා රාත්‍රියේ පහර දී, ඔහුගේ මෝටර් රථයටද හානි කර තිබුණා.

සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *