කොළඹ සුපිරි ගණිකා නිවාසයක හිමිකාරිනිය වූ ‘ජිනා මැඩම්ට’ අධිකරණය දුන් දඬුවම

ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස් දනෙකු රඳවාතැබීම ඇතුළු චෝදනා 5කට වරදකාරිය කළ කාන්තාවකට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවීමට නියම කර තිබෙනවා.

රෝස්මෙරි ජූඩ් ෆිලීෂියා පෙරේරා හෙවත් ‘ජීනා මැඩම්‘නැමැති විත්තිකාරියට මෙසේ දඬුවම් නියම වුණා.

අත්හිටවු සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ පහක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසර 5ක සිර දඬුවම් නියම කරන බව සිය තීන්දුවේ සඳහන් කලා.

2010 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවාගැනීම ඇතුළු චෝදනා පහක් යටතේ මෙම විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබුණා.

එම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරිය වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව කොළඹ මහාධිකරණය එම සිරදඬුවම නියම කර තිබෙනවා.

You May also like

1 Comment

  1. ඒ කියන්නෙ මැඩම්ගෙ කස්ටමර්ස්ලා දේශපාලනබල පුලුවන්කාරයෝ. මැඩම්ව බේරුවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *