රොෂාන් මහානාම යළිත් මනුෂ්‍යත්වය පෙන්වයි

රට වෙනුවෙන් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයන්ගේ අනාගතය වෙනුවෙන් අරමුදලක් හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු කාලය එළැඹ ඇති බව හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානම පවසනවා.

මේ වන විට පාකින්සන් රෝගයෙන් ඔත්පලවී සිටින ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිටියේ සිටි යෝධ චරිතයක් වන චන්ද්‍රශාන් පෙරේරා මහතා වෙනුවෙන් අරමුදලක් ගොඩනැ`ගීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කර සිටියා.

චන්ද්‍රශාන් මහතා වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ලබන 9 වැනිදා කොළඹ හැව්ලොක් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ආසියානු කුසලාන තේරීම් තරගයක් වශයෙන්ද මෙම තරගය හැඳින්වෙන අතර ක‍්‍රීඩකයන් 33 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

. ‘ගොඩක් අය නොදන්නා කරුණක් තමයි ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව පුහුණුකරුවකු නොමැති යුගයේදී සිය කැමැත්තෙන්ම චන්ද්‍රශාන් අපට ඔහුගේ සේවය ලබාදුන්නා. අප ඔහුට ණය ගැතියි. මා පමණක් නොවෙයි 1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ හිටපු සෙසු ක‍්‍රීඩකයන් ද මේ සදහා දායකත්වය ලබාදීමට සූදානමින් සිටිනවා. මම හිතනවා රග්බි ආයතනයට මේ සදහා රග්බි පසුබිමක් ඇති වත්මන් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ දායකත්වයත් ලබාගත හැකියි කියලා.’ යනුවෙන් මහානාම සඳහන් කළා.

චන්ද්‍රශාන් මහතාට ආධාර වෙනුවෙන් හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී තරගයක්ද පවත්වන අතර ඔහු 2018 වසරේ සිට පාකින්සන් රෝගයෙන් පීඩා විඳියි. චන්ද්‍රශාන් මහතා හිටපු ශ‍්‍රී ලංකා රග්බි නායකයකු, පුහුණුකරුවකු සහ ශාරීරික උපදේශකයකු වශයෙන්ද කටයුතු කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *